Home උණුසුම් පුවත් ප්‍රංශ ජනපති ලංකාවට

ප්‍රංශ ජනපති ලංකාවට

ප්‍රංශ ජනපති ලංකාවට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව එලීසේ මාළිගය නිවේදනයක් නිකුත් කර ඇත.

වනාටු සහ පැපුවා නිව්ගිනියා සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා ගමන් කරන අතරවාරයේ ප්‍රංශ ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, එය ප්‍රංශ ජනාධිපතිවරයකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව සංකේතවත් කරයි.

මෙසේ අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා හෙට (29) උදැසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය. මෙම සංචාරය තුළ දී එමානුවෙල් මැක්‍රොන් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ද්විපාර්ශවික සාකච්චාවක් පැවැත්විමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම මෙය අවස්ථාවක් වනු ඇති බව ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස එලිසේ මාළිගය නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here