Home special විශේෂ නිරීක්ෂණයක් සඳහා චීන ජනපති සිචුවාන් යයි

විශේෂ නිරීක්ෂණයක් සඳහා චීන ජනපති සිචුවාන් යයි

විශේෂ නිරීක්ෂණයක් සඳහා චීන ජනපති සිචුවාන් යයි

 
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිචුවාන් පළාතේ ඓතිහාසික සහ සංස්කෘතික උරුමය හා ජෛව ශිෂ්ටාචාරාත්මක සංවර්ධනය පිළිබඳ තත්ත්වය විමසා බලයි. ඒ, ඉකුත් 25,26 දෙදින එම පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ දී ය.

ගුවැන්යුවැන් නගරයේ, සුයියුන් පෞරාණික වීදිය හා  සන්ෂිංඩුයි කෞතුකාගාරය මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ඓතිහාසික හා සංස්කෘතික නටබුන් ගවේෂණය සහ අධ්‍යයනය මෙන්ම පුරාවස්තු ප්‍රතිෂ්ඨාපන කටයුතු ද ඔහු විමසා බැලීය.
 
දැවැන්ත මෙන්ම ඉපැරණි සයිප්‍රස් වනාන්තරයක් මැදින් දිවෙන සුයියුන් වීදිය ජාතික නිධානයක් හා ලොව විස්මිත නිමැවුමක් ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇත. සන්ෂිංඩුයි පුරාවිද්‍යා අඩවිය ක්‍රි.පූ. 1700 – 1150 අතර කාලයේ පෞරාණික චීන සංස්කෘතියේ පිළිබිඹුවකි.

එය, එම යුගයේ යැංසි ගංගා ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා තිබූ පොහොසත්ම හා විශාලතම නගරවල නටබුන් හමවුන පුරාවිද්‍යා කලාපයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here