ඊසාන දිග චීනයේ පාසල් ක්‍රීඩාගාරයක් බාලිකා වොලිබෝල් කණ්ඩායමක් සිය පුහුණුවිම් කරමින් සිටියදී එහි වහලය කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
අදාල අනතුරින් දිවි අහිමි වූවන්ගෙන් බොහෝ දෙනෙක් ළමයින් බව ඇසින් දුටු සාක්ෂිකරුවන් දේශීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බවට වාර්තාවේ.
අනතුරට පත්වූ ක්‍රිඩාගාරයේ දහ නව දෙනෙකු පමණ සිට ඇති බවට වාර්තා වන අතර ඉන් අට දෙනෙකු හට සිය දිව ගලවා ගැනීමට සමත්ව ඇති බවද චීන මාධ්‍ය සඳහන් කරයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් චීනය පොලිසිය විසින් ඉදිකිරීම් සමාගමක ප්‍රධාන අත් අඩංගුවට ගෙන ඇති බවද ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
අදාල ඉකිරීම් සමාගම විසින් ක්‍රිඩාගාරයට යාබදව සිදුකරන ගොඩනැගිලි ව්‍යාපෘතියක වීදුරු ක්‍රීඩාගාරයේ වහලය මතට ගබඩා කිරීමට පියවරගෙන තිබූ බවටද මේවන විට චෝදනා එල්ල වී තිබේ. මෙම වීදුරු හේතුවෙන් පැවති අධික වැසි බර කාලගුණ තත්ත්වයේදී වහල මත ජලය රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස වහාල කඩා වැටී ඇති බවට වාර්තාවේ.
කඩා වැටුණු ගොඩ නැගිල්ල අසලට මුදා ගැනීමේ කණ්ඩායම් ලඟ වන විටත් පුහුණු කරු සුන්බුන් අතර සිටිමින් සිය සිසුන්ගේ නම් කියමින් සොයාමින් සිට ඇති බවටද වාර්තාවේ. ඒ අනුව මුදා ගැනීමේ කණ්ඩායම් පැය කීපයක් සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම් කර ඇත.
චීනයේ ඉදිකිරීම් ආශ්‍රිත අනුතුරු ඉතා සුලභ වන අතර සෑම වසරකම් ඉදිකිරීම් අනතුරු වලින් චීන ජාතිකයින් විශාල පිරිසකට දිවි අහිමිවේ.