Home උණුසුම් පුවත් රුසියානු තරුණියට අතවර කළ දෙදෙනෙක් කොටු

රුසියානු තරුණියට අතවර කළ දෙදෙනෙක් කොටු

0
රුසියානු තරුණියට අතවර කළ දෙදෙනෙක් කොටු

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින 24 හැවිරිදි රුසියානු ජාතික තරුණියකට මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදී ලිංගික අතවර කළ පුද්ගලයින් දෙදෙනෙකුව මීගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

රුසියානු ජාතික තරුණිය මාර්ගයේ පාගමනින් ගමන්කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා විසින් ඇයට ලිංගික අතවර කර ඇත්තේ පසුගිය 22 වෙනිදා රාත්‍රී 11.30ට පමණ බව මීගමුව පොලීසිය කියයි.

මේ ගැන ඇය පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව යතුරුපැදි අංකය ඔස්සේ විමර්ශන පවත්වා සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවටගත් බව මීගමුව පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා කදිරාන සහ කටානේ පදිංචිකරුවන් බවත් ඔවුන් අවුරුදු 28 සහ 23 යන වයස්වල පසුවන්නන් බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here