fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමතිවරියකට සම්බන්ධ තේ කම්හලක ගින්නක්

    ඇමතිවරියකට සම්බන්ධ තේ කම්හලක ගින්නක්

    වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් බව කියන තේ කර්මාන්ත ශාලාවක ගින්නක් ඇතිවී තිබේ.

    එහි නවතා තිබුණු කන්ටේනර් රථ 3ක් ද ගිනිගෙන ඇති අතර ගින්න සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ වැලිමළුව ප්‍රදේශයේ පිහිටි ස්ප්‍රින්විච් තේ කර්මාන්ත ශාලාව තුළය.

    පොලීසිය පවසනුයේ ගින්නට හේතුව නිෂ්චිත ලෙස මෙතෙක් අනාවරණය වී නැති බවය.

    රථ දෙකම ගිනි ගෙන විනාශ වී ඇති බව පොලීසිය කියයි.

    photo – File Photo

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.