Home Uncategorized උමා ඔයේ සේවකයින් රැගත් බස් රථය පෙරලී රියදුරු මරුට – 06ක් රෝහලේ

උමා ඔයේ සේවකයින් රැගත් බස් රථය පෙරලී රියදුරු මරුට – 06ක් රෝහලේ

0

උමා ඔය ව්‍යාපෘතියේ රාත්‍රී සේවා මුරය අවසන්කර සේවකයින් රැගෙන යන බස් රථය රකින්දියා කන්ද , ඉද්දආර ප්‍රදේශයේදී මීටර් 10ක් පමණ වූ පල්ලමකට පෙරලී ඇත.

අද උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලබා වැල්ලවාය රෝහලට බස් රථයේ රියදුරු හා සේවකයින් 06 දෙනෙන් ඇතුලත්කර ඇත.

බස් රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් ඔහු අවුරුදු 73ක් වයසැති වැල්ලවායේ පදිංචිකරුවෙක් බවත් වැල්ලවාය පොලීසිය කියයි.

මෙම අනතුර සිදුවන විට බස් රථයේ උමා ඔය සේවකයින් 10 දෙනෙක් ගමන්කරමින් සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here