Home special 2030 ට පෙර සඳ තරණයට සූදානම් වන චීනය

2030 ට පෙර සඳ තරණයට සූදානම් වන චීනය

2030 ට පෙර සඳ තරණයට සූදානම් වන චීනය

 
චීනයේ චන්ද්‍ර ගවේෂණය පිළිබඳ මූලික සැලැස්ම එළිදැක්වේ.

2030 වර්ෂයට පෙර චීන ගගනගාමීන් සඳ තරණය කිරීම හා සම්බන්ධ කරුණු ඊට ඇතුළත්ය. විද්‍යාත්මක ගවේෂණ සපුරා, චන්ද්‍ර විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් ගොඩනැගීම පිළිබඳව විමර්ශනය කරමින්, ක්‍රමානුකූලව චන්ද්‍ර ගවේෂණය හා ඊට අදාළ තාක්ෂණික පරීක්ෂණ සත්‍යාපනය කිරීමට චීනය සූදානම් බව මේ සතියේ නිකුත් කෙරුණු එම සැලැස්මේ සඳහන් වේ.

මෙම සඳ තරණ සැලැස්ම අනුව, පළමුවෙන් ප්‍රවාහක රොකට්ටු දෙකක් මගින් රෝවරයක් හා ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානයක් ‘පෘථිවි චන්ද්‍ර හුවමාරු කක්ෂයට’ යොමුකෙරෙනු ඇත. ඉන්පසු එම රෝවරය හා අභ්‍යවකාශ යානය කක්ෂගතව එකට බැ‍ඳේ. අනතුරුව ගගනගාමීන් අභ්‍යවකාශ යානයෙන් රෝවරයට පිවිසීමෙන් පසු එය චන්ද්‍රයා මතුපිට නියමිත කලාපයට ගොඩබසිනු ඇත. ඔවුන් චන්ද්‍රයා මතුපිට ඇවිද, විද්‍යාත්මක ගවේෂණ හා සාම්පල එකතු කිරීමෙහි නිරත වීමට නියමිතය. අදාළ මෙහෙයුම් සම්පූර්ණ කිරීමෙන් පසු ගගනගාමීන් රෝවරයෙන් උඩු ගුවනට පිවිස, අභ්‍යවකාශ යානය සමග යළි සම්බන්ධ වී  පෘථිවියට ආපසු පැමිණෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here