තවත්
    මුල් පිටුවspecialව්‍යායාම ඇප් එකෙන් ට්‍රැක් කර රුසියානු හමුදා ලොක්කෙක් ඝාතනය කරයි

    ව්‍යායාම ඇප් එකෙන් ට්‍රැක් කර රුසියානු හමුදා ලොක්කෙක් ඝාතනය කරයි

    කළු මුහුදේ ක්‍රියාත්මක රුසියානු සබ්මැරීනයකට අනදුන් රුසියානු හමුදා ප්‍රධානියෙක් අද (11) උදෑසන ව්‍යායාම කිරීමේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත්ව ඇත.

    හතලිස් දෙහැවරදී ස්ටනැසන්ලව් රිට්ස්කි නැමති විශ්‍රාම ලබා සිටි අදාල නිලධාරීයා සිය උදෑසන ව්‍යායාම සඳහා දිව යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව රුසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.

    මෙලෙස ඝාතනය ලක්වූ නිලධාරියාව යුක්‍රේනය විසින් යුධ අපරාධකරුවෙකු ලෙස අසාඳු ලේඛණ ගත කර තිබිණි. මේ අතර අදාල නිලධාරියායේ පුද්ගලික ලිපිනය සහ තොරතුරු රැසක් යුක්‍රේන වෙබ් අඩවියක් වන Myrotvorets හි පලකර තිබිනි.

    මෙම වෙබ් අඩවිය මගින් යුක්‍රේනයේ සතුරන් ලෙස සැලකෙන පුද්ගලයින්ගේ පුද්ගලික තොරතුරු පළකරන අතර එමගින් ඔවුන්ගේ සියලුම දත්ත ජනතාවට හෙළිකිරීමට කටයුතු කරයි. මේ අතර අඟහරුවාදා “දියකර ඇත” යන වචනය රතු අකුරින් සඳහන් කරමින් අදාල වෙබ් අඩවියේ මරණයට පත් හමුදා නිලධාරියාගේ ඡායාරූපයක් පළකර තිබිණි.

    මේ අතර අදාල හමුදා නිලධාරියා විසින් සිය ශරීර සුවතා කටයුතු පහසු කිරීමට යොදාගත් ජංගම දුරකථන යොදවුමක් (ඇප්) ඔස්සේ ඔහුගේ සියලුම ගමන් බිමන් නිරීක්ෂණය කර ඇති බවත් ඒ ඔස්සේ ඔහුට ප්‍රහාර එල්ල කිරීමට උචිතම ස්ථානය තෝරාගෙන ඇති බවට සැකකරයි.

    කෙසේ වෙතත් අදාල නිලධාරියාගේ පිටුපසට වෙඩි 7ක් එල්ල කර ඇති අතර එම වෙඩි තැබීම වූ ස්ථානය අසල කිසිඳු ආරක්ෂක කැමරාවක් පිහිටා නොතිබීමට විශේෂත්වයකි. ඒ අනුව වෙඩි තැබීමට වූ ආකාරය සොයා බැලීම අභියෝගක් වී ඇති බවද රුසියානු මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    ඝාතනයත් සමඟස යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු මාධ්‍ය යුක්‍රේනයට ඇඟිල්ල දිගු කරන බවයි. කෙසේවෙතත් රුසියාවේ එම සැකය යුක්ති සහගතද යන්න පිළිබඳව ඔහු අදහස් දැක්වීමක් කර නොමැති වීමද විශේෂත්වයකි.

    “මෙතෙක් රුසියානු පොලිසියට අපරාධයක් සිදුවී ඇති බව පෙන්වන එක නිරීක්ෂණ කැමරාවක් සොයා ගැනීමට නොහැකි විය,” රෂ්චෙන්කෝ පැවසීය.

    මීට මාස 17කට පමණ පෙර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ දා සිට අවම වශයෙන් Myrotvorets වෙබ් අඩවිය දත්ත ප්‍රසිද්ධියට පළකර රුසියානුවන් දෙදෙනෙකු රුසියාව තුල ඝාතනය කෙරිණි.

    මේ අතර බෝම්බ ප්‍රහාරවලින් පසුගිය අගෝස්තු මාසයේදී මාධ්‍යවේදී Darya Dugina සහ අප්‍රේල් මාසයේදී යුද බ්ලොග්කරුවෙකු වන Vladlen Tatarsky මිය ගියහ

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img