Home උණුසුම් පුවත් මුහුදෙන් ගෙනා බීඩි කොළ කිලෝ 531ක් SFT අත්අඩංගුවට

මුහුදෙන් ගෙනා බීඩි කොළ කිලෝ 531ක් SFT අත්අඩංගුවට

0
මුහුදෙන් ගෙනා බීඩි කොළ කිලෝ 531ක් SFT අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටු මගින් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොල කිලෝ 531යි ග්‍රෑම් 800ක් සමඟ සැකරුවෙන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තලාහේන, මීගමුව ලිපිනයේ පිහිටි නිවස පිටුපස වගුරුබිම් ප්‍රදේශයේ කල වැටලීමක දී මෙම බීඩි කොල තොගය සොයා ගත් බව පොලීසිය කියයි.

මෙතක් කලක් ඉන්දියාවේ සිට මෙරටට හොර බඩු රැගෙන ආවේ මන්නාරම හා යාපනය ප්‍රදේශ ආශ්‍රිතවය. පසුව හොර බඩු කල්පිටිය මුහුදු තීරය ඔස්සේ මෙරටට රැගෙන ඒමට ජාවාරම්කරුවන් පෙළඹ තිබුණේය. විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව මෙම බීඩි කොල තොගය රැගෙන විත් ඇත්තේ මීගමුව හා ආශ්‍රිත මුහුදු තීරය ඔස්සේය.

මෙම බීඩි කොල සමඟ අත්අඩංගුවගෙන ඇත්තේ මැදපිටිවන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පුද්ගලයකු සහ එයට ආධාර අනුබල දුන් දුන්ගල්පිටිය, තලාහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයක් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

මෙහිදී සැකකරුවන් සතුව තිබී බාස්මතී හාල් කිලෝ 90 ක්, බෝට්ටුවක් සහ අශ්වබල 40 මෝටර් බෝට්ටු ඇන්ජිමක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ I හි උප ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.එස්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here