Home උණුසුම් පුවත් පොලිස් ඉතිහාසය වෙනස්කරමින් සී.ඩී. නැවතත් පොලිස්පති

පොලිස් ඉතිහාසය වෙනස්කරමින් සී.ඩී. නැවතත් පොලිස්පති

පොලිස් ඉතිහාසය වෙනස්කරමින් සී.ඩී. නැවතත් පොලිස්පති

සී.ඩී. වික්‍රමරත්න මහතාව නැවතත් පොලිස්පතිධූරයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (09) පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන පරිදි සහ අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම අද සිට මාස 03ක කාලයක් සඳහා පත්කර ඇති බව පොලිස් මූලස්ථානයද නිවේදනය කළේය.

මෙම පත්කිරීම ජනාධිපතිවරයා විසින් කරනු ලැබුවේ සිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව පසුගිය මාර්තු 25 වෙනිදා විශ්‍රාම ගිය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මාස තුනක දක්වා දිගුවූ සේවා කාලය ජූනි 25 වෙනිදා අවස්න් වීමෙන් සති දෙකකට පසුව වීම විශේෂත්වයකි.

සී.ඩී. වික්‍රමරත්න මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාමගිය දිනයේ සිට බලපැවැත්වෙන ලෙස පළමු සේවා දිගුව ඔහුට ලබාදී තිබුණද මෙවර ඔහුට ලබාදී ඇත්තේ සේවා දිගුවක්ද ? එසේත් නොමැතිනම් විශ්‍රාම ගිය පොලිස්පතිවරයාව නැවත කැදවා පොලිස්පතිධූරය පත්කිරීමක්දැයි මෙතෙක් පැහැදිලි අර්ථකතනයක් නැත. කෙසේ වෙතත් සී.ඩී. දැන් නැවතත් ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිවරයාය.

මෙම තත්ත්වය පොලිස් ඉතිහාසයේ සටහන් වන්නේ විශ්‍රාමගිය පොලිස්පතිවරයෙක් නැවත පොලිස්පතිධූරයට පත්කිරීමක් ලෙසිනි. ඒ සී.ඩී. ට මෙම පත්වීම ලැබෙන්නේ විශ්‍රාමගොස් සති දෙකකට පසු නැවත පොලිස්පතිධූරයට පත්කර ඇති බැවිනි.

මෙම පත්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදෙන විට විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් මහතාද සිටි බව ජනාධිපති ලේකම් කාර්යාල තොරතුරු අනාවරණය කළේය.

1 COMMENT

Leave a Reply to Jayaratna Cancel reply

Please enter your comment!
Please enter your name here