තවත්
    මුල් පිටුවspecialලන්දේසි පරදා සීලෝන් ශූරතාව දිනයි

    ලන්දේසි පරදා සීලෝන් ශූරතාව දිනයි

    නෙදර්ලන්ත (ලන්දේසි) කණ්ඩායම පරදා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව (සිලෝන්) අද (09) සවස සමත්විය.

    සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී නෙදර්ලන්තය ලකුණු 128කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට යොමු කෙරිණි.

    නෙදර්ලන්ත ක්‍රීඩකයන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරිමට නොහැකි විය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 233කට සිමා විය. නෙදර්ලන්ත ක්‍රීඩකයන්ගේ අතින් උඩ පන්දු කිහිපයක් ගිලිහී නොයන්නට මෙම තත්ත්වය තවත් ශ්‍රී ලංකාවට තදින් දැනීමට ඉඩ තිබිණි.

    කෙසේ වෙතත් ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත ක්‍රීඩකයන් ලකුණු 105කට දවා ගැනිමට ශ්‍රි ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. තරගයේ විරයා සම්මානය හිමිකරගත් ඩිල්ෂාන් මදුශංක ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙළුවේය.

    තරගාවලිය පුරා කඩුලු අතර සිටි මහේෂ් තීක්ෂණ පන්දුවාර 6.3කදී ලකුණු 31කට කඩුළු 4ක් දවාලීය. මෙම තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ ලකුණු 600ක් සහ කඩුලු 3ක් ලබාගත් නෙදර්ලන්ත ක්‍රිඩක සේන් විලියම්ස්ටය.

    ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ තමන් සහභාගි වූ තරග සියල්ලම ජය ගැනීමට සමත්වූ අතර අවසන් මහා තරගයේ ඔවුන් අතින් පරාජයට පත්වූයේ මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනිමට සමත්වූ නෙදර්ලන්ත කණ්ඩායමයි.

    මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ කඩුලු 22ක් ලබාගත් වනිඳු හසරංගයි. එහි දෙවැනි තැන කඩුලු 21ක් ලබාගත් මහේෂ් තික්ෂණට හිමිවිය. පිතිකරුවන් අතර දෙවැනි තැන පැතුම් නිශ්ශංකට හිමිව තිබිණි.

    ශ්‍රී ලංකාව 233/10 (47.5)

    නෙදර්ලන්තය 105/10 (23.3)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img