තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොව පොහොසත්ම හිඟන්නා මෙන්න..

    ලොව පොහොසත්ම හිඟන්නා මෙන්න..

    ලොව ධනවත්ම යාචකයා වන භාරත් ජායින් මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින අයුරු දැකගත හැකි බව ඉන්දීය පුවත් වාර්තා කරයි.

    ‘යාචකයකු’ යනුවෙන් හඳුන්වන්නේ දිළිඳුකමට මුහුණදෙන පුදගලයා ය. මූල්‍ය අස්ථාවරත්වයට මුහුණ දෙන, ගෙගෙවුණු පාවහන් දමන හෝ පාවහන් නොමැති, ඉරුණු ඇඳුම් අඳින සහ අපිරිසිදු, අපිළිවෙළ හිසකෙස් ඇති අයට යාචකයා යැයි බොහෝදෙනාගෙ හැඳින්වීමයි.

    කෙසේ වෙතත්, හිඟාකෑම නව මානයකට ගෙනයමින් ලාභ උපයන සහ ලාභදායි වෘත්තියක් බවට පත් කරගත් ඇතැම් පුද්ගලයන් ද සිටිති.

    ඉකොනොමික් ටයිම්ස් හි වාර්තාවකට අනුව, භාරත් ජායින් ලෝකයේ ධනවත්ම යාචකයා වේ. අදටත් ඔහු මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින අයුරු දැකගත හැකිය.

    ඔහු, බිරිඳ, පුතුන් දෙදෙනා, ඔහුගේ සහෝදරයා සහ ඔහුගේ පියා ඇතුළු පවුලක් සමඟ වෙසෙන විවාහක පුරුෂයෙකි.

    මුලදී මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් ජායින්ට විධිමත් අධ්‍යාපනය හැදෑරීමට නොහැකි විය.

    එවකට ඔහු යාචකයකු වූයේ ඔහුගේ සැබෑ දිළිඳුකම නිසා වුවද ඔහු දැන් ඉන්දීය රුපියල් කෝටි 7.5 ක ශුද්ධ වටිනාකමක් රැස් කර ගෙන ඇත.

    හිඟාකෑමෙන් ඔහුගේ මාසික ඉපැයීම් ඉන්දීය රුපියල් 60,000 සිට 75,000 දක්වා පරාසයක පවතී.

    තවද, ඔහුට ඉන්දීය රුපියල් කෝටි 1.2 ක් වටිනා මුම්බායි හි 2BHK මහල් නිවාසයක් හිමි ය.

    මසකට ඉන්දීය රුපියල් 30,000 කට කුලියට දෙන තානේ හි සාප්පු දෙකක් තිබේ.

    ජායින් ඉන්දියාවේ ප්‍රමුඛ පොදු ස්ථාන, දුම්රිය ස්ථාන යනාදි තැන්වල තවමත් සිඟමන් යදින බව වාර්තා වේ.

    ජායින් සහ ඔහුගේ පවුලේ අය ජීවත් වන්නේ පාරෙල්හි 1BHK duplex මහල් නිවාසයක ය.

    ඔහුගේ දරුවන් කන්‍යාරාම පාසලකට ගොස් අධ්‍යාපනය අවසන් කර ඇත. ඔහුගේ අනෙකුත් පවුලේ සාමාජිකයන් ලිපි ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යයි.

    ඔවුන් සිඟාකෑම නවත්වන ලෙසට ජායින්ට නිරන්තරයෙන් උපදෙස් දෙයි. නමුත් ඔහු ඔවුන්ගේ උපදෙස් නොසලකා හරිමින් හිඟාකෑමේ කාර්යය දිගටම කරගෙන යයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to RoshanCancel reply

    spot_img
    spot_img