විවහායට අකමැතිවූ සිය පෙම්වතා පැහැරගෙන ගොස් සිරකරගෙන බිය ගන්වා බලහත්කාරයෙන් විවහා කරගැනීමට සූදානම් වූ නාවික හමුදාවේ සිවිල් සේවිකාවක් වන එක්දරු මවක් සහ මෙම පැහැරගැනීමට ඇයට සහයදුන් තිදෙනෙක් පානදුර පිංවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදාහැර තිබේ.
පෙම්වතාව පැහැර ගැනීමට ඇයට සහයදුන් කණ්ඩායම ඒ සදහා යොදාගත් යතුරු පැදියක්ද පෙලිස් භාරයට ගෙන ඇත. පෙම්වතාව පැහැරගෙන රැගෙන ගිය ත්‍රීරෝද රථය සමග තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලීසිය කියයි
මෙම පැහැර ගැනීම සිදුවන්නේ පෙරේද (04) රාත්‍රී කාලයේදීය. පෙම්වතා රැකියාවට ගොස් සිය නවාතැන්පොල වෙත යමින් සිටියදී ඔහුව පැහැරගෙන තිබුණි. ඔහු රැකියාවේ නිරතව සිටින්නේ මෙරට ප්‍රසිද්ධ කුළුබඩු නිෂ්පාදන සමාගමක අළුබෝමුල්ලේ පිහිටි බෙදාහැරීමේ නියෝජිත ආයතනයක රියදුරෙක් ලෙස බව පොලීසිය කියයි.
මෙම පෙම්වතා අවුරුදු තිස් දෙකක් වයසැතිය. පෙම්වතියද අවුරුදු තිස් දෙකක් වයසැති තැනැත්තියකි. මෙම තැනැත්තියගේ විවාහක සැමියා කාලයක් තිස්සේ විදෙස්ගතව රැකියාවක නිරතවන සිටින්නෙක් බව පොලිසිය කියයි. සැමියා විදෙස්ගතව සිටියදී ඇය පැහැරගත් පුද්ගලයා සමග පෙම් සම්බන්ධයක් ඇතිකර ගනිමින් ඔහු සමඟ වසර හයක් පමණ ඇය පදිංචිව සිටි නිවසේ කාලය ගත කර තිබේ. පොලීසිය පවසන්නේ මේ අතරතුර ඇය සිය සැමියාගෙන් දික්කසාදය ලබාගෙන සිය පෙම්වතාව විවාහ කර ගැනීමට සූදානම් වී ඇති බවය. ඊට ඇගේ පෙම්වතා කැමැත්තක් දක්වා නැත. එබැවින් ඔහු මාස දෙකක් තිස්සේ ඇගේ නිවසට නොපැමිණ වෙනත් ස්ථානයක රැඳී සිට ඇත.
සිය පෙම්වතා නිවසට නොපැමිණෙන නිසා ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ උරණ වූ ඇය හිතවතුන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගනිමින් ඔහුව පැහැරගෙන විත් බලහත්කාරයෙන් විවාහ කරගැනීමට සැලසුමක් සකස් කර ඇති බව පොලිසිය කියයි. ඒ අනුව ඇය හිතවත් තරුණයින් කිහිප දෙනකු යොදා අළුබෝමුල්ලේ සිට සිය පෙම්වතා රැකියාව නිම වී පැමිණෙන විට ඊයේ අතරමගදී ඔහුව නතර කර ඔහු සමග කතාබහක නිරත වෙමින් සිට ඇත. එම අවස්ථාවේ පෙම්වතිය බව කියන කාන්තාව තී රෝද රථයකින් තරුණයින් කිහිපදෙනෙකු සමග පැමිණ සිය පෙම්වතාව ඊට බලහත්කාරයෙන් ඇද දමා ගෙන පලා ගොස් තිබේ.
මෙසේ පැහැර ගත් පෙම්වතාව ඇය විසින් සිරකරගෙන සිට ඇත්තේ වාද්දුවේ පිහිටි ඇගේ ඥාතියෙකුට අයත් නිවසක ය. මෙම පෙම්වතා ද වාද්දුවේ පදිංචිකරුවෙකි. ඔහුගේ ඥාතිවරියක් දෙදෙනකු සිය ඥාති පුතා පැහැරගැනීමකට ලක්ව ඇති බව දැනගෙන යතුරුපැදියකින් ඔහුව සොයා ගමන් කර ඇති බව පොලිසිය කියයි. එම ඥාතිවරියක් දෙදෙනා මෙම පෙම්වතාව සිරකරගෙන සිටි නිවස අසලින් ගමන් කරමින් සිටියදී පෙම්වතා එකවරම කෑගසාගෙන නිවසින් පිටතට දුවගෙන විත් ඇති බව පොලිසිය කියයි.
එහි එහිදී එම ඥාතිවරියක් දෙදෙනා තරුණයාව යතුරු පැදියෙ නංවා එම ස්ථානයෙන් ඈතට ගමන් කර ඇති බව සඳහන් වේ. ඒ යන අතරතුර එක් ඥාතිවරියක් තරුණයාගේ මවට දුරකථන ඇමතුමක් දෙමින් ඔහු නිරුපද්‍රිත ව සිටින බව දැනුම් දී ඇත. එම දුරකථන ඇමතුම ලැබෙන විට ඇය සිට ඇත්තේ සිය පුතාව පැහැරගත් බවට පැමිණිල්ලක් කිරීමට පින්වත්ත පොලිසියට ගොසිනි. තමන්ට ලද දුරකතන ඇමතුම ගැන එහිදී මව විසින් පොලිසියට කළ දැනුවත් කිරීමට අනුව අළුයම වන විට තරුණයාව පැහැරගත් කාන්තාව ඇතුළු සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.
photo – File Photo