Home උණුසුම් පුවත් හෙට සිට විදුලි බිල අඩුවෙන හැටි..

හෙට සිට විදුලි බිල අඩුවෙන හැටි..

හෙට සිට විදුලි බිල අඩුවෙන හැටි..

විදුලි ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වනපරිදි 14.2% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කෙරේ. එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට රුපියල් 150 දක්වා අඩු කර ඇත.

ඒකක 60ට අඩු කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩු කෙරේ. එම කාණ්ඩය සඳහා රුපියල් 650ක් ලෙස අය කළ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා අඩුකර ඇත.

ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය සඳහා ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරේ. එහි මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here