තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමනල වැව රක්ෂිතයේ නිධන් හෙවූ සජබ අපේක්ෂකයා එක්ක 17ක් කොටු

    සමනල වැව රක්ෂිතයේ නිධන් හෙවූ සජබ අපේක්ෂකයා එක්ක 17ක් කොටු

    සමනලවැව රත්නගොල්ල රක්ෂිතයේ ගල්වෙඩි දමමින් නිධන් හෑරූ සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් ඇතුළු 17 දෙනෙක් සමනලවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    රක්ෂිතය දෙමින් ගල්වෙඩි හඩක් ඇසීම හේතුවෙන් ඒ ගැන අවධානයෙන් සිටි ගම්වැසියන් පොලීසියට ඒ බව දැනුම්දීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම ඊයේ සිදුකර තිබේ.

    පොලීසිය සමඟ ගම්වැසියන්ද වනජීවී නිලධාරීන්ද වැටලීමට සම්බන්ධව ඇත.

    රක්ෂිතය තුළට යන විටත් යාග හෝමකරමින් ඔවුන් ගල්වෙඩි දමමින් කැණීම් කටයුතු කරමින් සිටි බව සමනලවැව පොලීසිය කියයි.

    මෙහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් අතර අවුරුදු 19ත් 66ත් අතර පසුවන්නන් සිටින බව පොලීසිය කියයි. ඔවුන් බලංගොඩ, හපුතලේ, ඕපනායක, වැලිගෙපොල, බෙලිහුල්ඔය, වේවැල්වත්ත, වැලිමඩ, පින්නවල සහ කල්තොට පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img