Home උණුසුම් පුවත් ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි

ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි

ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි

රජයේ ඖෂධවේදීන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (ජුනි 17) අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත්, තම ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ඖෂධවේදීන් 23 දෙනෙකුට ලබාදී ඇති ස්ථාන මාරුවීම්වලට විරෝධය පළ කරමින් රජයේ ඖෂධවේදීන් විසින් ඊයේ (16) පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

මේ හේතුවෙන් රෝහල් ගණනාවක රෝගීන් පීඩාවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here