Home උණුසුම් පුවත් ඩයනාගේ මන්ත්‍රි ධුරයේ තීන්දුව අදත් කල්යයි

ඩයනාගේ මන්ත්‍රි ධුරයේ තීන්දුව අදත් කල්යයි

ඩයනාගේ මන්ත්‍රි ධුරයේ තීන්දුව අදත් කල්යයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සමේ තීන්දුව ලබන ජුලි 25 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද(06) තීරණය කළේය.

සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා මෙම රිට් පෙත්සම ගොනුකර තිබේ.
සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ මෙම තීරණය ප්‍රකාශ විය. මෙයට පෙර රිට් පෙත්සමේ තීන්දුව අද(06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here