තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගයට යන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

    සාපෙළ විභාගයට යන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

    රට පුරා තැනින් තැන පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර ආදි ආපදාවන්ට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන්ට දන්වයි.

    මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව මේ දක්වා දින 5ක් පවත්වා තිබේ. තවත් දින 4ක් විභාගය පැවැත්වේ.

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙසේද කීය.

    “2022 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට දින 5ක් අවසන් වෙලා තියෙනවා. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා තවත් දින 4ක දී පැවැත්වෙනවා. විභාගය ඉතාම සාර්ථකව පැවැත්වෙනවා. මම ඔබෙන් ඉල්ලා සිටිනවා සියලුම සිසුන් විභාග මධ්‍යස්ථානයට කලින් යන්න. මොකද අපි ප්‍රමාද වෙලා එන සිසුන්ට පැය භාගයක් ප්‍රමාද වුණාට පසුව විභාග නීතිය අනුව ක්‍රියාත්මක වෙනවා.

    ඒ නිසා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් තරම් කලින් විභාග මධ්‍යස්ථානය වෙත යන්න. යම් ආපදා තත්ත්වයක් ඇති වෙන තත්ත්වයක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතා ඒ සඳහා පහසුකම් ලබාගන්න.”

    ආපදාවක් සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින්නේ නම් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනයට ඇමතිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img