ඊළාම් සිහිනයක් වෙනුවෙන් වසර 33 ක් තිස්සේ මෙරට දහස් ගණන් ජීවිත බිලිගත් කුරිරු යුද්ධය රණවිරුවන් විසින් නිමාකොට රටටම සාමය උදාකර දී අදට වසර 14ක් සපිරේ.
2009 වසරේ මැයි මස 19 වැනිදා එලෙස රණවිරුවන් අතින් පරාජයට පත්වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් 1979 වර්ෂයේ දී ආරම්භ කරන ලද ඊළාම් යුද්ධයයි.
අවසන් සටන් සමයේදී එල්ටීටීඊ සංවිධානය අහිංසක සිවිල් වැසියන් ලක්ෂ ගනණක් මිනිස් පළිහක් ලෙස යොදාගත්තේය.
එම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම, ලොව මෙතෙක් දියත් කළ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලෙසද ඉතිහාසයට එක්විය.
වෙල්ලමුල්ලිවයික්කාල්හිදී අවසන් එල්ටීටීඊ බිම්කඩද රණවිරුවන් විසින් අත්පත් කර ගත් අතර පසුව නන්දිකඩාල් කළපුවේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයා ගැනීමත් සමඟ වසර 33 පැවති යුද්ධය නිමා කර සාමයේ නිදහස සමස්ත ශ්‍රී ලාංකික වැසියන්ට උරුම කර දුනි.
දහස් ගණන් මිනිස්සුන්ට ජීවිත අහිමි කළ තවත් දස දහස් ගණනක් දෙනා ආබාධිතයින් බවට පත් කළ රටේ ආර්ථිකය විනාශ කළ කුරිරු යුද්ධය අවසන් කොට, ශ්‍රී ලාංකික ජාතියට නිදහසේ හුස්ම ගන්නට අයිතිය ලබා දුන් වීරෝධාර රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා!
ඡායාරූපය – තිළිණ කළුතොටගේ
