Home උණුසුම් පුවත් බූරු මූණා ගිනි අවියක් දෙයි

බූරු මූණා ගිනි අවියක් දෙයි

බූරු මූණා ගිනි අවියක් දෙයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් රදවාගෙන ප්‍රශ්න කරන බූරු මූණා නැමැති අපරාධකරු විසින් හෙළිකළ තොරතුරු ඔස්සේ මිල්ලනිය බැල්ලන්කුඩාවේ සුසාන භූමියක සඟවා තිබුණු ගිනි අවියක් අද (10) සොයාගෙන තිබේ.

ඒ බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් බූරු මූණා සමඟ එහි ගොසිනි.

මෙසේ සොයාගෙන ඇත්තේ චීනයේ නිෂ්පාදිත මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයකි. පතොරම් 15ක් යෙදිය හැකි මෙම ගිනි අවියේ ඒ වන විට පතෛාරම් 06ක් තිබී ඇත.

ගිනි අවිය සඟවා තිබී ඇත්තේ සුසාන භූමියට අවසන් කටයුතු කිරීමට රැගෙන එන දේහයන් තැන්පත්කර තබන කුටිය පිටුපස වලදමා බව බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here