තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෙංගාල බොක්කේ කැළඹිල්ලක්

    බෙංගාල බොක්කේ කැළඹිල්ලක්

    අනිද්දා (06) දින සිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යාඥයෝ ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර සහ වයඹ පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ.

    නැගෙනහිර, ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා සිටී.

    අද දිනයේද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

    බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ හෝ මද වශයෙන් රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img