Home උණුසුම් පුවත් IMF ගිවිසුම ගැන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

IMF ගිවිසුම ගැන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

IMF ගිවිසුම ගැන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 95කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 120ක් ඡන්දය දුන් අතර විපක්ෂව ඡන්ද 25ක් ලැබිණි.

EFF වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු IMF ගිවිසුමේ ප්‍රධාන කරුණු නීතියක් බවට පත් කරන බව ජනාධිපති වික්‍රමසිංහ මීට පෙර සඳහන් කර තිබුණි.

පසුගිය අප්‍රේල් 26 සිට අද(28) දක්වා දින තුනක විවාදයකින් පසු IMF සහාය දක්වන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවට මන්ත්‍රීවරු මෙලස අද ඡන්දය දුන්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here