Home special ‘අත්පත් වූ භූමිය අහිමි කරගන්න කිසිදු අපේක්ෂාවක් නෑ’ -චීනය

‘අත්පත් වූ භූමිය අහිමි කරගන්න කිසිදු අපේක්ෂාවක් නෑ’ -චීනය

‘අත්පත් වූ භූමිය අහිමි කරගන්න කිසිදු අපේක්ෂාවක් නෑ’ -චීනය

 
අත්පත් වූ තම භූමිය යළි අහිමි කරගැනීමට සූදානම් නැතැයි චීනය අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍ය චින් ගං මහතා මේ බව පැවසුවේ,  21 වැනිදා ෂැංහයි නුවර පැවති ‘චීන නවීකරණය හා ලෝකය’තේමාවෙන් පැවති Lanting සංසදයේ දී දේශනයක් පවත්වමිනි.

තායිවාන ප්‍රදේශය යළි මව්රටට හිමිවීම, පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම ජගත් පටිපාටියේ කොටසකි.

ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කිරීමට උත්සාහ කරමින් සිටින්නේ, තායිවාන බෙදුම්වාදීන් හා එම බලවේගයට සහාය වන රටවල් මිස, චීන මහ ගොඩබිම පාර්ශ්වය නොවේ.

ඔවුන්ගේ සැබෑ අරමුණ, ‘එකම චීනය’ මූලධර්මය විනාශ කර,  චීනය බෙදා වෙන්කිරීම බව විදේශ අමාත්‍යවරයා පෙන්වාදෙයි.

එය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකය පිළිගත් පටිපාටිය විනාශ කර දමා, චීන ස්වාධිපත්‍යයට හානි කිරීමේ කුමන්ත්‍රණයකි. කෝටි 140 ක චීන ජනතාව ඊට ඉඩක් ලබා නොදෙනු ඇත. 

නැවත හිමි වූ තම භූමිය යළි අහිමි කර ගැනීමට චීනය සූදානම් නැතැයි ද චීන විදේශ ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here