තවත්
    මුල් පිටුවspecialලොව ප්‍රමුඛ ඡායාරූ තරගයක් උඩුයටිකුරු කළ ඡායාරූපය

    ලොව ප්‍රමුඛ ඡායාරූ තරගයක් උඩුයටිකුරු කළ ඡායාරූපය

    ලොව ප්‍රමුඛතම ඡායාරූප තරඟයක් වන සෝනි වල්ඩ් පොටොග්‍රැෆි තරගයේ මෙවර නිර්මාණාත්මක අංශයේ ජයග්‍රාකයා සිය ත්‍යාගය භාර ගැනීම ප්‍රතික්ෂේපකර තිබේ.

    ජර්මනියේ වෙසෙන ජර්මානු ඡායාරූප ශිලිපියෙකු වන Boris Eldagsen හට මෙවර නිර්මාණාත්මක අංශයෙන් ඉදිරිපත් කළ ඡායාරූපය ප්‍රථමස්ථානය හිමිව තිබණි. කෙසේ වෙතත් තමන් එම ත්‍යාගය භාර නොගන්නා බවට ඔහු ප්‍රකාශ කරමින් කියා ඇත්තේ තමන් ඉදිරිපත් කළ ජායාරූපය සත්‍ය ඡායාරූපයක් නොවන බවත් එය කෘතිම බුද්ධියක් භාවිතා කරමින් නිර්මණය කළ ඡායාරූපයක් බවත්ය.

    මේ සම්බන්ධයෙන් අදාල ඡායාරූප ශිල්පියා සඳහන් කර ඇත්තේ මෙවැනි ඡායාරූපයක් තරඟයට ඉදිරිපත් කරනු ලැබුවේ අදවන විට පවතින කෘතිම බුද්ධි තාක්ෂණය ඡායාරූප ශිල්පීන්ට සහ ක්ෂේත්‍රයට එල්ල කළ හැකි බලපෑම සම්බන්ධයෙන් කතාවක් නිර්මාණය කිරීමේ අරමුණින් බවයි.
    එහිදී ඔහු , Pseudomnesia: The Electrician ලෙසින් නම් කර තිබූ අතර එම ඡායාරූපය නිර්මාණය කිරීමට ChatGPT කෘතිම බුද්ධිය නිර්මාණය කළ San Francisco-පාදක සමාගම වන OpenAI විසින් වැඩි දියුණු කරන ලද ඡායාරූප නිර්මාණය කිරීමට හැකියාවක් පවතින කෘතිම බුද්ධියක් වන DALL-E 2 භාවිතා කර ඇත.

    තම ඡායාරූපය ඉදිරි පත් කිරීමේදී Eldagsen සිය ඡායාරූපය විස්තර කළේ ” පරම්පරා දෙකක කාන්තාවන් දෙදෙනෙකු පෙන්නුම් කරන කළු-සුදු චිත්‍රයක්” ලෙසයි.

    මෙම තරඟය සංවිධානය කළ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඒ සම්බන්ධයෙන් පැවසුවේ, අදාල කාරණය සම්බන්ධයෙන් කලාකරුවා සමඟ ඔවුන් කළ සාකච්ඡා කර බවත් එහිදී Eldagsen ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර, ඔහු විසින් සිය නිර්මාණය කෘතිම බුද්ධිය සහය යොදාගෙන නිර්මාණය කළ බවට තහවුරු කළ බවයි.

    ඔහු ” කෘතිම බුද්ධිය වල සහය යොදාගනෙ නිර්මණාත්මක හැකියාවන් වර්ධනය කිරීමේ හැකියා සම්බන්ධයෙන් අවාධනය කළ. එහිදී ඡායාරූපය නිර්මාණය කිරීමට ඡායාරූප ශිල්පය පිළිබඳ ඔහු සතු දැණුම මත විශාල වශයෙන් රැදී පවැතියා ” යනුවෙන්ද ප්‍රකාශකයා සඳහන් කර තිබිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img