තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සඳගල ගල්කල 8 වැනියාත් කොටුවේ

    සඳගල ගල්කල 8 වැනියාත් කොටුවේ

    කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා රක්ෂිතයේ තිබුණු සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුත්ත ස්මාරකය සොරාගැනීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ ගම්පොල ඇත්ගාල ලක්ෂය වත්තේ පදිංචිකරුවෙක් වන ටී.ඒ. විතානගේ(60) නැමැති පුද්ගලයාව මෙසේ අත්අඩංගුවට ගත් බවය.

    මෙම සොරකමට මෙයට පෙර සැකපිට 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ 08 වෙනිදායා ලෙසිනි.

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ මෙතෙක් සොරාගත් සඳගල සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව නැති බවය.

    මෙම සොරකමට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක්, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර සිටිති. මේ හැම අයෙකුම මහනුවර ප්‍රබල දේශපාලනඥයෙකුට සම්බන්ධකම් ඇති අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් ඇත. මෙම සඳගල සොරකමට පසුදින දේශපාලනඥයාගේ පුතා සඳගල සොරාගෙන රැගෙනවිත් ලොරි රථයක දමා තිබුණේ යැයි කියන කුණ්ඩසාලේ නිවසකට පැමිණි බවට තොරතුරක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත. ඒ ගැන තවදුරටත් ඇත්තේ විමර්ශන මට්ටමේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    08 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ. සඳගල සොරාගෙන රැගෙන යාමට යොදාගත් වාහන මෙන්ම සැකකරුවන් ගමන් කිරීමට යොදාගත් වාහනද පොලිස් භාරයට ගෙන තිබුණි. ඒ අතර බූම් ට්‍රක් රථයක්, කැන්ටර් රථයක්, ඩිපෙන්ඩරයක්, යතුරුපැදි දෙකක් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    සඳගල සොරා ගන්නේ 2022 වසරේ දෙසැම්බර් 13 වෙනිදාය.
    .

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img