ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කළ 58 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රිඩා ශුරතාවලියේ අද දින (30) පැවති තරග අතරින් නව ජාතික වාර්ථා 3 ක් බිහි වී තිබේ.
දියගම ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දි ඊයේ ආරම්භ වූ තරගාවලිය අද දෙවැනි දිනට පැවැත්විණි.
මිටර් 10000 කාන්තා ඇවිදිමේ තරගය ශ්‍රී ලංකා කාන්තා බළකායේ ලාන්ස් කෝප්‍රල් මදිරිකා විසින් විනාඩි 49.25.97 ක නිමි කාලයක් අවසන් කරමින් එහි ජාතික වාර්තාව තමන් සතු කර ගත් අතර, එම තරගයේ පිරිමි ජාතික වාර්තාව ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු විසින් විනාඩි 45 තප්පර 12 දසම 22 ක නිමි කාලයක් සටහන් කරමින් තමන් සතු කර ගත්තේය.
මේ අතර රිටි පැනිමේ පිරිමි ඉසව්වෙන් යුද්ධ හමුදා සේවා බළකායේ ලාන්ස් කොප්‍රල් ජනිත් විසින් මිටර් 5.16 ක උසක් සටහන් කරගනිමින් එහි නව ජාතික වාර්තාවක් පිහිටුවූයේය.







