Home special ට්‍රම්ප් ලබන සතියේ අත්අඩංගුවට?

ට්‍රම්ප් ලබන සතියේ අත්අඩංගුවට?

ට්‍රම්ප් ලබන සතියේ අත්අඩංගුවට?

තමන් එලැඹෙන සතියේදී අත්අඩංගුවට පත්වීමට නියමිතව ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ අනුව සමාජ මාධ්‍යයන් හී සටනක් තබමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තෙ එලැඹෙන අඟහරුවාදා දිනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමට නියමිත බවත් ඊට විරෝධය පළකරන ලෙස සිය ආධාරකරුවන්ගෙන්ද ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයා මෙලෙස අත් අඩංගුවට පත්වීමට නියමිතව ඇත්තෙ ඔහු මීට වසර කීපයකයට පෙර වැඩිහිටි චිත්‍රපට නිලියක් සම්බන්ධයෙන් සිදුකළ බවට පැවසෙන මුදල් වංචාවක් සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ සටහනෙන් පසු ඔහුගේ කණ්ඩායම කියා සිටියේ ඔහුට නඩු පවරන්නන්ගෙන් කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් හිටපු ජනාධිපති ට්‍රම්ප් අත් අඩංගුවට පත්වුවහොත් එක්සත් ජනපද ඉතිහාසයේ අපරාධමය වරදකට අත් අඩංගුවට පත්වවූ පළමු ජනාධිපතිවරයා වන්නෙ ඔහුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here