තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද විරෝධතාවලටත් සීමා වැටෙයි

    අද විරෝධතාවලටත් සීමා වැටෙයි

    ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම ගාලු මුවදොරට විරෝධතාකරුවන්ට ඇතුලුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් කර තිබේ.

    ඒ අද (26) සිදුකිරීමට නියමිත බව කියන උද්ඝෝෂණ සංවිධාන කරන කණ්ඩායම් වෙත ය.

    කොටුව, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් ස්ථාන විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.

    සාමකාමී උද්ඝෝෂණවල නිරත වීමේ බාධාවක් නොමැති අතර, එම පෙළපාලිවලින් ඉහත සඳහන් කළ ස්ථානවලට ඇතුලුවීමේ හැකියාවක් නැත.

    විරෝධතා අතරතුර දී කළහකාරී ලෙස හැසිරීම, රාජ්‍ය දේපළවලට හෝ මහජනතාවට හානි සිදුකළ හොත් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ද පොලීසියට උපදෙස් දී ඇත.

    ජාතික ජන බලවේගය අද පස්වරුවේ කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතාවයක් සංවිධානය කර ඇත.

    විරෝධතාවය හා පාගමන මෙහෙයවන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නම් කළ පුද්ගලයින් 26 දෙනෙකුට හා ඊට සම්බන්ධවන පිරිස වෙත අද පස්වරු 1 සිට රාත්‍රි 8 දක්වා බලපැවැත්වෙන පරිදි අධිකරණ ආඥාව නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img