තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආනයනික පළමු බිත්තර තොගය එද්දී බදු මිලෙත් වෙනසක්

    ආනයනික පළමු බිත්තර තොගය එද්දී බදු මිලෙත් වෙනසක්

    ආනයනය කරන ලද පළමු බිත්තර තොගය අනිද්දා (27) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

    බිත්තර මිලියන 02 ක් අඩංගු තොගයක් වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව විසින් ලබාගෙන ඇත.

    දේශීය වෙළෙඳපොළේ පවතින බිත්තර මිල ඉහළ යාම සහ බිත්තර හිඟය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීම සඳහා රජය පියවර ගෙන තිබුණි.

    මේ අතර ආනයනික බිත්තර සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර තිබේ.

    ඒ අනුව බිත්තරයක් සඳහා පනවා තිබූ බද්ද රු. 50 සිට රු. 1 දක්වා අඩු කර ඇත.

    ඒ මාස තුනක කාලයක් සඳහායි.

    සංශෝධිත බද්ද පෙබරවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img