තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවට ණය දෙන්න IMF බලාඉන්න සහතිකය

    ශ්‍රී ලංකාවට ණය දෙන්න IMF බලාඉන්න සහතිකය

    ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකම ලබාදීම සඳහා ණය හිමියන්ගෙන් මෙන්ම ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ප්‍රමාණවත් සහතික කිරීම් සහ ඉතිරි අවශ්‍යතා සපුරන තෙක් බලාසිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    ණය හිමියන්ගෙන් අදාළ ප්‍රමාණවත් සහතික කිරීම් ලැබුණු විගස, මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාවය අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම අරමුදල පවසයි.

    “ඉන්දියාව විසින් ලබා දුන් සහතිකය අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සඳහා පැරිස් සමාජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය අපි සාදරයෙන් පිළිගනිමු. ශ්‍රී ලංකාව, මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ ව සිටින අතර දේශීය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින් සිටී.

    ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ද ඇතුළුව ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි අවශ්‍යතා සපුරාගත් විගස, ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානය IMF හි විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකි අතර එමඟින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින අවශ්‍ය බාහිර මූල්‍යකරණය විවෘත කළ හැකිය”IMF ප්‍රකාශක පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂිත විස්තීරණ අරමුදල් පහසුකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 කි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img