Home උණුසුම් පුවත් පොලීස් නීති අංශයේ සාජන් නිධන් හාරන්න ගිහින් අත්අඩංගුවට

පොලීස් නීති අංශයේ සාජන් නිධන් හාරන්න ගිහින් අත්අඩංගුවට

0
පොලීස් නීති අංශයේ සාජන් නිධන් හාරන්න ගිහින් අත්අඩංගුවට

පූඩළුඔය පොලිස් වසමේ පිහිටි ඓතිහාසික පුසුල්පිටිය විහාරස්ථානය පිටුපස මලියදේව ලෙන ආසන්නයේ නිධන් හාරමින් සිටි පොලිස් නීති කොට්ඨාශයේ සැරයන්වරයෙක් ඇතුළු සිව් දෙනෙක් පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැරයන්වරයා ඌරාපොල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි. සෙසු සැකකරුවන් රුවන්වැල්ලේ පදිංචිකරුවන්ය.

ගල්විදින උපකරණ, වෙඩි පෙහෙත් ආදී ද්‍රව්‍ය රැසක්ද පොලීසිය මෙම නිධානය හාරමින් සිටි ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

සැකකරුවන් සිව් දෙනා නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here