fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණීය තර්ජන

    මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණීය තර්ජන

    මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වන එම්.එම්. මොහොමඩ් මහතාටද ඊයේ (27) රාත්‍රී කාලයේ දුරකතන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් විසින් මරණීය තර්ජන එල්ලකර තිබේ.

    මේ සම්බන්ධයෙන් ඒ මහතා නිට්ටඹුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත.

    ඒ 072-9488— යන දුරකතන අංකයෙන් තමාට ඇමතුමක් දුන් පුද්ගලයෙක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙමින් මරණීය තර්ජන එල්ලකළ බවටය.

    එම්.එම්. මොහොමඩ් මහතාට මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම ලැබෙන විට ඔහු රැදී සිට ඇත්තේ නිට්ටඹුව කහටෝවිට පිහිටි සිය නිවසේය.

    විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන කේ.පී.පී. පතිරණ සහ සෙනෙවිරත්න බණ්ඩාර දිවාරත්න යන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට ද පසුගිය 18 වෙනිදා මෙවැනිම ආකාරයෙන් මරණීය තර්ජන එල්ලවී තිබුණි.

    ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළද දැඩි කථාබහක් ඇති විය. ඒත් සමඟම පොලිස්පතිවරයා විසින් එම තර්ජනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය. ඒත් සමගම එම තර්ජනයට ලක්වූ කොමිෂමේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට සන්නද්ධ පොලිස් නිලධාරීන්ද යොදවනු ලැබීය.

    මෙසේ තිබියදීත් තෙවැනි සාමාජිකයාට තර්ජන එල්ලවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන ඔස්සේ කිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබෙන පසුබිමක් තුළදීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to Gratiaen HewaCancel reply