තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මානව හිමිකම් කොමිසමට එරෙහිව විදුලිබල ඇමතිගෙන් පැමිණිල්ලක්

    මානව හිමිකම් කොමිසමට එරෙහිව විදුලිබල ඇමතිගෙන් පැමිණිල්ලක්

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් විසින් එම කොමිසම සමඟ සාකච්ඡාවකට සහභාගි වූ නිලධාරීන්ට තර්ජනය කොට, එකඟ නොවූ කරුණු ඇතුළත් ලේඛන දෙකකට අත්සන් ලබාගත්තැයි කියන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවට තමා ලිඛිතව දැනුම් දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    මේ පිළිබඳ තමා ජනාධිපතිවරයාට ද දැනුම් දුන්නේ යැයි අමාත්‍යවරයා පවසයි.

    තමන් එකඟ නොවූ ලිපි ලේඛන 2කට අත්සන් කරන ලෙස බලපෑම් කර, සිරගත කරන බවට, මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් තර්ජනය කළ බව, එම කොමිසම සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීන් දන්වා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා තමාට දැනුම් දුන් බව අමාත්‍යවරයා කියයි.

    තර්ජනයට ලක්වූ අදාළ නිලධාරීන්, මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම සඳහා නීතිමය උපදෙස් පතමින් සිටින බවත් අමාත්‍යවරයා කියාසිටී.

    එමෙන්ම එම සාකච්ඡාවේදී වූ සිදුවීම් ද ලිඛිතව ඔවුන් විසින් දන්වා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    සබැඳි පුුවත්
    අද සිට විදුලි කැපිල්ල නවතී
    උ.පෙළ විභාග සමයේ විදුලිය කපන්න එපා යැයි PUCSL ලංවිමට කිව්වේ අදයි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img