Home උණුසුම් පුවත් කුඩු සලිඳුගේ කුඩු බෙදූ කතක් අල්ලයි

කුඩු සලිඳුගේ කුඩු බෙදූ කතක් අල්ලයි

0
කුඩු සලිඳුගේ කුඩු බෙදූ කතක් අල්ලයි

ඩුබායි හී රැදී සිටිමින් මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පානදුරේ කුඩු සලිදු නැමැති පාතාල අපරාධකරුගේ මත්කුඩු බෙදා හැරිනු ලබන කාන්තාවක් පොලිස් විශේෂ කර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.
සලිඳු මල්ෂිත ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සලිඳුගේ පානදුර හා මොරටුව ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවනු ලබන මෙම කාන්තාව වයස අවුරුදු 38 පසුවන මොරටුවේ මොරටුවැල්ලේ පදිංචි තැනැත්තියකි.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 600 ක් හා ජාවාරමෙන් උපයා ගන්නා බවට සැකකරන රුපියල් 103,000 ක මුදදලක්ද ජංගම දුරකථනයක් ද විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබුණි.

විමර්ශන කටයුතු සඳහා ඇයව මොරටුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) ඩී.එස්. කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ III හි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here