තවත්
    මුල් පිටුවspecialඉන්දියාවට පරදින තරගයේ දසුන්ගෙන් සුපිරි ශතකයක්

    ඉන්දියාවට පරදින තරගයේ දසුන්ගෙන් සුපිරි ශතකයක්

    ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 67කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම අද (10) සමත්විය.

    පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 373ක් ලබා ගත්තේය. ඉන්දීය හිටපු නායක විරාත් කෝලි පන්දු අසූ හතකදී ලකුණු 113ක් ලබා ගත්තේය. කෝලි ගේ 45 වැනි එක්දින ශතකය මෙය වේ. නායක රෝහිත් ෂර්මා පන්දු හැට හතක දී ලකුණු 83ක් හා ෂුම්මාන් ගිල් ලකුණු 70ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ.

    ලකුණු 374ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 306කට සිමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. තරගයේ කැපී පෙනෙනම සිදුවීම වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පන්දු අසූ අටක දී නොදැවී ලබාගත් ලකුණු 108 සහ කසුන් රාජිත සමඟ එක්ව ඔවුන් දෙදෙනා නව වැනි කඩුල්ල සඳහා ලකුණු සියයක සම්බන්ධතාවක් පැවැත්වීමයි.

    තරගයේ වීරයා සම්මානය විරාත් කෝලීට හිමිවිය‍.

    ඉන්දියාව 373/7 (50)

    ශ්‍රී ලංකාව 306/8 (50)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img