තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහින්දට - ගෝඨාභයට කැනඩාවෙන් තහනමක්

    මහින්දට – ගෝඨාභයට කැනඩාවෙන් තහනමක්

    හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඇතුලු ශ්‍රී ලංකිකයින් කීප දෙනෙක්ට කැනඩා රජය සම්බාධක පැනවීමට පියවරගෙන තිබේ.

    ඒ් අනුව 1983 සිට 2009 දක්වා පැවති ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේදී මානව හිමිකම් දැඩි ලෙස හා ක්‍රමානුකූලව උල්ලංඝනය කළ පුද්ගලයන්ට එරෙහිව අදාළ සම්බන්ධක පනවා ඇති බව කැනඩා රජය අද නිවේදනය කළේය.

    මෙහිදී හිටපු ජනාධිපතිවරුන්ට අමතරව හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් වන මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිටත්, මෙම සම්බන්ධක පනවා ඇති බව කැනඩා රජයේ නිවේදනයේ සඳහන්‍ ය.

    එහිදී කැනඩා රජය විසින් පෙන්වා දී ඇත්තේ අදාළ සම්බාධක පැනවූ පුද්ගලයින්ට කැනඩා ජාතිකයින් හට කිසිම මූල්‍යම ගණුදෙනුවකට සම්බන්ධ විමට තහනම් වන බවයි. මේ අතර මෙලෙස ලැයිස්තුගත කර ඇති පුද්ගලයින් ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ කැනඩාවට පිළිනොගන්නා බවද සඳහන් කර තිබේ.

    මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙරට ආරක්ෂක අංශ සමාජිකියින් කීපදෙනෙකුට සම්බන්ධක පනවා තිබූ අතර එහිදීද ඔවුන්ට එල්ල වූ චෝදනා වූයේ මානව හිමිකම් කඩකිරීම් වලට සම්බන්ධවීමයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img