Home උණුසුම් පුවත් දුරුතු පොහොය අදයි

දුරුතු පොහොය අදයි

දුරුතු පොහොය අදයි

වසරේ පළමුව ලබන පොහොය වන දුරුතු පොහොය අදට යෙදී තිබේ.

බෞද්ධ ජනතාව සමරනු ලබන මෙම දුරුතු පොහොය වැදගත් වන කරුණු ගණනාවක් පවතී.

බුදුරජාණන් වහන්සේ මුලින්ම ලංකාවට වැඩමවීම, නාග ගෝත්‍රිකයින් සහ යක්ෂ ගෝත්‍රිකයින්ගේ ආරවුල සමථයකට පත් කිරීම, තුන් බෑ ජටිලයින් ප්‍රධාන දහසක් ජටිලයින් ට දහම් දෙසීම, බිම්බිසාර රජුගේ ආරාධනාව පරිදි උරුවෙල් දනව්වෙහි සිට රජගහනුවරට වැඩම කිරීම සහ බිම්බිසාර රජතුමා විසින් වේළුවනාරාමය සාසනයට පූජා කිරීම, සුමන සමන් දෙවියන්ට කේශධාතු පිළිගැන්වීම හා ඒවා නිදන්කර මහියංගණ චෛත්‍යය ඉදි කිරීම යනාදී කරුණු දුරුතු පොහොයේ සිහිපත් කරන සුවිශේෂී කරුණු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here