Home උණුසුම් පුවත් ඡන්ද වැඩවලට මම එන්නේ නෑ – ජනපති එජාපයට දන්වයි

ඡන්ද වැඩවලට මම එන්නේ නෑ – ජනපති එජාපයට දන්වයි

ඡන්ද වැඩවලට මම එන්නේ නෑ – ජනපති එජාපයට දන්වයි

පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (4)නිල වශයෙන් දැනුම් දී තිබේ.

තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසිවිටෙකත් සූදානම් නැතැයි ද එජාප නායකයන් හමුවේ අවධාරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹ දී ඊයේ සවස හමු වූ අවස්ථාවේදී ය.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේනම්, ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකයන්ට දැනුම් දී ඇත.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත්වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව ජනාධිපතිවරයා කීය.

ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේදැයි දැනුම් දිය යුතුව ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here