Home උණුසුම් පුවත් 31 රෑ සාදයේ ගුටි කෙළියෙන් ඉන්දියානුවන් 3ක් රෝහලේ

31 රෑ සාදයේ ගුටි කෙළියෙන් ඉන්දියානුවන් 3ක් රෝහලේ

0
31 රෑ සාදයේ ගුටි කෙළියෙන් ඉන්දියානුවන් 3ක් රෝහලේ

වැලිගම පැලෑනේ පිහිටි සංචාරක හෝටලයක නව වසර උදාව සමරමින් පැවති සාදයකදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් හටගත් ගැටුමකින් ඉන්දියානු ජාතිකයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

මෙම ගැටුම ඊයේ අලුයම් කාලයේදී හටගෙන ඇති අතර තුවාල ලැබූ ඉන්දියානුවන් තිදෙනා මාතර රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම පහරදීම සම්බන්ධයෙන් පැලෑන විජේකුමාරතුංග මාවතේ පදිංචිකරුවෙක් වැලිගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here