Home උණුසුම් පුවත් සුද්දෝ දෙන්නෙක් ATM මැෂින් හැක්කර කෝටියක සල්ලිවලට වැඩේ දීලා

සුද්දෝ දෙන්නෙක් ATM මැෂින් හැක්කර කෝටියක සල්ලිවලට වැඩේ දීලා

0
සුද්දෝ දෙන්නෙක් ATM මැෂින් හැක්කර කෝටියක සල්ලිවලට වැඩේ දීලා

සුදු හම ඇති විදේශිකයන් දෙදෙනෙක් මහජන බැංකුවේ හික්කඩුව, ගාල්ල සහ බද්දේගම යන නගරවල පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රවල ඇති රුපියල් කෝටියකට අධික මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙම සොරකම් සිදුව ඇත්තේ පසුගිය 30 වෙනිදා අළුයම් කාලයේදීය. ඔවුන් මෙම සොරකම කර ඇත්තේ එ්.ටී.එම්. යන්ත්‍ර යම් උපකරණයකින් හැක්කර බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මුදල් සොරාගත්තද පද්ධතිය තුළ පෙන්වනු ලබන්නේ ඒ.ටී.එම්. මැෂින් තුළ මුදල් ඇති බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හික්කඩුවේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රෙයන් රුපියල් හතලිස් හය ලක්ෂ අසූදහසක මුදලක්ද, ගාල්ලේ ඒ.ටී.එම් යන්ත්‍රයෙන් රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක මුදලක්ද, බද්දේගම ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් රුපියල් පනස්හත් ලක්ෂයක්ද මෙසේ සොරාගෙන ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

මෙම විදේශිකයන් ඒ.ටී.එම්. යන්ත්‍ර තුළට රිංගා ඒ.ටී.එම්. යන්ත්‍රවල ඇති ආරක්්ෂක කැමරාවලට ස්ටිකරයක් අලවමින් පරිගණක මෘදුකාංගයක් ඔස්සේ පද්ධතියට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

පසුගිය 26 වෙනිදා රාත්‍රී කාලයේදීත් මෙම විදේශිකයන් දෙදෙනා නාරාහේන්පිට පිහිටි වෙනත් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක් බිදීමට උත්සහ දරා තිබුණි. එය ව්‍යාපාර්ත වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here