fbpx
තවත්
    මුල් පිටුවCOVIDචීන මගීන්ට ලොව පුරා කොවිඩ් පරීක්ෂාව අනිවාර්ය වෙන ලකුණු

    චීන මගීන්ට ලොව පුරා කොවිඩ් පරීක්ෂාව අනිවාර්ය වෙන ලකුණු

    චීනය පුරා කොරෝනා ආසාදිතයන් ඉහළයාමත් සමග ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඉතාලියද චීනයේ සිට පැමිණෙන පුද්ගලයින් කොරෝනා පරීක්ෂාවකට භාජනය කිරීමට අනිවාර්ය කිරීමට තීරණය කර ඇත.

    ප්‍රංශ රජය ප්‍රකාශ කළේ චීනයේ සිට ප්‍රංශයට පියාසර කරන මගීන්ට ගුවන් ගත වීමට පැය 48 කට අඩු කාලයක් තුලදී කරණ ලද පරීක්ෂණයකින් කොරොනා ආසාදනය වී නොමැති බවට සනාථ කරණ පරීක්ෂණ සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවයි.

    2020 මාර්තු මාසයෙන් පසු පළමු වතාවට ලබන සතියේ සිය දේශසීමා සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරන බව බීජිං පවසා තිීමත් සමග බොහොමයක් රටවල් සිය රටවලට චීනයේ සිට පැමිණෙන්නන් සම්බන්ධයෙන් වැඩි අවධනයක් යොමුකර තිබේ.

    ඒ අනුව එක්සත් රාජධානිය, දකුණු කොරියාව සහ ඊශ්‍රායලය ද සිකුරාදා දින චීනයේ සිට පැමිණෙන මගීන්ට කොරේනා පරීක්ෂා සම්බන්ධයෙන් නව නීති ප්‍රකාශයට පත් කර ඇති අතර එක්සත් ජනපදය සහ ඉන්දියාව දැනටමත් සීමාවන් පනවා ඇත.

    “ජාතික මට්ටමින්, අපි ගුවන් තොටුපලවල පාලනයන් ක්‍රියාත්මක කරන අතර චීනයෙන් පැමිණෙන සංචාරකයින්ට කොවිඩ් වැලදී නොමැති බවට සනාථ කරන පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට හෝ සම්පූර්ණයෙන්ම එන්නත් කිරීමට අවශ්‍ය වනු ඇත,” ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍ය කැරොලිනා ඩාරියාස් පැවසීය.

    කෙසේ වෙතත්, ප්‍රංශ සෞඛ්‍ය හා ප්‍රවාහන අමාත්‍යාංශ පැවසුවේ රජය විසින් නියෝගයක් ප්‍රකාශයට පත් කර යුරෝපා සංගම් සාමාජික රටවලට දැනුම් දෙන බවයි.
    මේ අතර ඊශ්‍රායලය විදේශ ගුවන් සමාගම්වලට නියෝග කර ඇත්තේ ඔවුන් කොරෝනා වැලදී නෙැමති බවට පරීක්‍ෂා කර ඇත්නම් පමණක් චීනයෙ මගීන්ට මිනිසුන්ට ගමන් කිරීමට ඉඩ දෙන ලෙසත්ය.

    එමෙන්ම ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ රට යුරෝපීය ගුවන් තොටුපල හරහා ප්‍රභේද නිරීක්ෂණය කිරීම සඳහා සම්බන්ධීකරණ පද්ධතියක් අපේක්ෂා කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.