Home special පේලේ සමුගනී

පේලේ සමුගනී

0
පේලේ සමුගනී

පාපන්දුවේ විශිෂ්ටයා ලෙස සැළකුණු බ්‍රසීල ජාතික ලොව ප්‍රභල පාපන්දු ක්‍රීඩක පේලේ (82) සිය දිවි ගමනට සමුදුන්නේය.

සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පේලේ මියගිය බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේය.

එදා මෙදා තුර පාපන්දු ලෝක කුසලානයේ වාර්තා රැසකට උරුමකම් කියන පේලේ බ්‍රසීලය වෙනුවෙන් තෙවතාවක්ම පාපන්දු ලෝක ශූරතාව දිනා දීමට පෙරමුණ ගත්තේය. එවන් දස්කමක් කළ ලොව එකම ක්‍රීඩකයා වන්නේ ද පේලේ ය.

පසුගිය කාලය පුරාවට උදර පිළිකාවකින් පීඩා විඳි පේලේ පසුගිය ලෝක කුසලාන පාපන්දු ශූරතාව අතරවාරයේ රෝහල්ගත වී තිබේ.

එදා මෙදාතුර පාපන්දු ක්‍රීඩාවේ බිහිවූ විශිෂ්ටතමයා ලෙස පේලේ ලොව පුරා ගෞරවාදරයට පත් වූ අතර ඔහු මියයන තුරුම ඔහු ඒ ගෞරවය ලැබීමට තරම් වාසනාවන්තයකු විය.

අංක 10 සැරසී ක්‍රීඩා කළ පේලේ එම අංකය ලොව පුරා ජනප්‍රිය කළ අතර පේලේ ගේ සමුගැනීමෙන් පසු බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නියොමාර් සඳහන් කර ඇත්තේ පේලේට පෙර පාපන්දු ව හා අංක 10 සාමන්‍ය ක්‍රීඩාවක් හා අංකයක් පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here