fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බංගලාදේශයේ පළමු මෙට්‍රෝ දුම්රිය රැගෙන ගමන් ඇරඹූ මරියම් අෆීසා

    බංගලාදේශයේ පළමු මෙට්‍රෝ දුම්රිය රැගෙන ගමන් ඇරඹූ මරියම් අෆීසා

    බංගලාදේශය සිය ප්‍රථම මෙට්‍රෝ දුම්රිය සේවාව එරට අගනුවර වූ ඩකා හීදී අද දින (29) අගමැතිනී ෂෙයික් හසීනාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    ඒ අනුව මෙම නව දුම්රිය සේවය කෙටි දුර ධාවනය සදහා යොදා ගන්නා අතර එමගින් ලොව වැඩිම ජනගත්වයක් පවතින ඩකා හී වෙසෙන කොටි දෙකකට ආසන්න ජනතාවට සිය ගමනාගමන අවශ්‍යතා පහසු කරගැනීමට මෙය හේතු වේ.

    ජපාන අධාර මත ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක වියදමින් ඉදිකෙරෙන මෙම දුම්රිය සේවාව කිලෝමීටර් 20ක් දක්වා දුරට විහිදේ. මෙම සමස්ථ මර්ගය තුල දුම්රිය ස්ථාන 16ක් ඉදිවී ඇති අතර එමගින් විශාල ජනතාවකට පහසුවෙන් සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගැනීමට හැකියාව හිමිවේ.

    මෙම දුම්රිය සේවය විවෘත කරමින් බංගලා දේශ අගමැතිනිය ප්‍රකාශ කර සිටියේ සෑම දූම්රියකම කාන්තා මැදිරියක් පවතින අතර එමගින් කාන්තාවන්ට කිසිඳු ගැටලුවකින් තොරව ආරක්ෂිතව ගමන් කිරීමට අවස්තාව හිමිවන බවයි.

    එමෙන්ම දැනට ගනන් බලා ඇති අන්දමට මෙම දුම්රිය සේවය ඔස්සේ පැයකට මගීන් හැටදහසක් පමණ රැගෙන යාමට අපෙක්ෂිත අතර එමගින් දැඩි මර්ග තදබයක් අවම කරගැනීමට හැකියාව පවතින බව බංගලාදේශ රජය පවසයි.. මෙම දුමරිය මාර්ගයෙන් ඩකා හී සිදුවන දැඩි රථවාහන අනතුරුද අවම කිරීමට හැකිවනු ඇති බවට අපෙක්ෂා කරයි.

    මේ අතර මෙම දුම්රිය සේවාවේ තවත් සුවිශේෂිත්වයක් වන්නේ එහි ආරම්භක දුම්රිය රියැදුරු වශයෙන් මරියම් අෆීසා කටයුතු කිරීමයි. ඇය සමග තවත් කාන්තා රියැදුරුවරියන් පස්දෙනෙකුද කටයුතු කිරීමට නියමිතය.

    අෆීසා රසායන විද්‍යාව පිළිබඳ නොහාලි විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇත. ඇය මෙට්‍රෝ රේල් ක්‍රියාකාරිනියක ලෙස පත් කරනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 2 වැනිදාය.

    කෙසේවෙතත් මෙම දුම්රිය පද්ධතිය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානය සැලසුම්කර තිබුණද මෙරට දේශාපලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.