තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටිපති අනියම් සැමියා බියගන්වා ලක්ෂ 75ක් ගන්න හැදූ අනියම් බිරියට වූ දේ..

    කෝටිපති අනියම් සැමියා බියගන්වා ලක්ෂ 75ක් ගන්න හැදූ අනියම් බිරියට වූ දේ..

    කෝටිපති ව්‍යාපාරිකයෙකු බිය ගන්වා ඔහුගෙන් රුපියල් ලක්ෂ 75ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමට තැත් කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    දේපොල වෙළදාම් සහ මූල්‍ය ක්ෂේතුයට අදාල ව්‍යාපාර කිහිපයකම හිමිකරුවෙක් වන මෙම ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳ බව කියන 45ක් වියැති කත ව්‍යාපාරිකයාව බිය ගන්වා මුදල් කඩා ගැනීමට උත්සහ දරා ඇත්තේ දෙදෙනා අතර අමනාපයක් ඇති වීමෙන් පසුවය. ඒ දෙදෙනා අතර ඇති සම්බන්ධය ගැන ගම පුරා පෝස්ටර් අලවන බවටත් ෆේස් බුක් මගින් ප්‍රසිද්ධ කරන බවටත් තර්ජනය කරමිනි.

    පිළියන්දල මඩපාත පදිංචිකාරියක් වන මෙම කාන්තාවට මෙම ව්‍යාපාරිකයා විසින් සුඛෝපභෝගී නිවසක් මෙන්ම මෝටර් රථයක්ද ලබාදී මාසිකව ඇයට සිය දරුවන් දෙදෙනා සමඟ ජීවත්වීමටද මුදලක් ලබාදී ඇති බව කියයි.

    ඇය විසින් දිගින් දිගටම කළ තර්ජන කිරීම් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව කළ විමර්ශනයේදී ඇය විසින් සිය වයස අඩුවෙන් සටහන් කර ව්‍යාජ ලෙස උප්පැන්න සහතිකයක් සකස්කරගෙන ඇති බව මෙන්ම එම ව්‍යාජ උප්පැන්න සහතිකයෙන් විදෙස් ගමන් බලපත්‍ර දෙකක්ද ඇය විසින් හෙළි වී ඇත. ඒ අනුව මෙම කාන්තාව තර්ජනය කර රුපියල් ලක්ෂ 75ක් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සහ කිරීමට අමතරව ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img