fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ලබන වසරේ සිට ජනතාවට සහන දෙනවා" - ජනපති

    “ලබන වසරේ සිට ජනතාවට සහන දෙනවා” – ජනපති

    • “IMF – ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා බොහෝ දුරට අවසන්”
    • “ජනපති වූ දා සිට මම දේශපාලනය කළේ නෑ”
    • “ජනතාව විඳින අමාරුකම් මට අමතක නෑ”

    – ජනපති

    ලබන වසරේ සිට ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා පවසයි.

    උද්ධමනය වැඩිවීමත් සමඟ සිදු වූ භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ජනතාව පත්ව සිටින අසීරුතාව තමා අමතක කර නොමැති අතර, පියවරින් පියවර රටේ ආර්ථික ගැටලු විසඳා ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    තමා ජනාධිපති ධූරයට පත්වූ දා සිට දේශපාලනයේ නිරත නොවූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    තමා කැපවුයේ ජීවන බරින් පීඩා විඳින ජනතාවට සහනයක් ලබාදෙමින් රටේ වැටුණ ආර්ථිකය යළි නඟා සිටුවීමට බව ද සිහිපත් කළේය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය නගර ශාලාවේ පැවති ආහාර සුරක්ෂිතතා දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

    අද ජනතාව ප්‍රතික්ෂේප කර ඇත්තේ එක් පිරිසක් නොව සමස්ත දේශපාලන ක්‍රමයම බව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනතා විශ්වාසය ගොඩනඟා ගත හැක්කේ එක්ව වැඩ කර රට යළි නඟා සිටුවීමෙන් පමණක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    අපි ආරම්භ කළ මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන 2023 වර්ෂය පුරාම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද මෙම ගෝලීය තත්ත්වය සමඟ ආහාර මිල ඉහළ යනවා. එවිට ඒවා මිලදී ගත හැක්කේ දියුණු රටවල්වලට පමණයි. ඒ පසුබිම යටතේ අපි මේ කටයුතු සාර්ථක කරගත යුතුයි.

    ලෝක ආහාර වැඩසටහනින් අපට ඉදිරියේදී ලැ‍බීමට නියමිත සහන පිළිබඳ වාර්තාවක් මට පසුගියදා ලැබුණා. තවත් රටවලින් අපට ආධාර ලැබෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටන පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පුද්ගලික ණයකරුවන් සමග පැවති සාකච්ඡා බොහෝ දුරට අවසන් වී තිබෙනවා.

    මේ වතුකරයේ ඇතැම් ප්‍රදේශවල තිබෙන මන්දපෝෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය ආධාර ලබාදීමට අපි ලබන වසරේ මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලු කටයුතු සඳහා අපි ප්‍රාදේශීය මට්ටමෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇතිකර තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය නොවන අංශ සම්බන්ධ කර ගන්න කටයුතු කරනවා. මේ සියලුදෙනාම දේශපාලනයෙන් තොරව කටයුතු කළ යුතුයි.

    මම ජනාධිපති ධූරයට පත්විමෙන් පසු කිසිදිනක දේශපාලනය කළේ නැහැ. සියලුදෙනා සමග කතා කරමින්, සියලුදෙනා නියෝජනය කරමින් මම උත්සාහ කරන්නේ දුක් විඳින රටේ ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීමටයි.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ණය සහ ආදාර ලැබෙනවා! නිසි කළමනාකරණය නැත මූලික අරමුණ ගත්තගමන් හොරකම් කරන්න ඕනේ. ඖෂධ ආදාර ඕනතරම් ලැබෙනවා තොග අවසන් වෙන්න කලින්ම නියෝග කළයුතුය! මිලදීගත්තනං කොමිස් මේවා පාලනය නෙත

    Leave a Reply to Perumal GnanapragasomCancel reply