Home උණුසුම් පුවත් වනජීවියේ ගිනි අවිය සොරාගෙන මස් වැද්දෙකුට දුන් සිවිල් ආරක්ෂකයින් දෙදෙනා කොටු

වනජීවියේ ගිනි අවිය සොරාගෙන මස් වැද්දෙකුට දුන් සිවිල් ආරක්ෂකයින් දෙදෙනා කොටු

0
වනජීවියේ ගිනි අවිය සොරාගෙන මස් වැද්දෙකුට  දුන් සිවිල් ආරක්ෂකයින් දෙදෙනා කොටු

විල්පත්තුව කටුපත්වැව පිහිටි වනජීවී බීට්ටු කාර්යාලයේ අවි ගබඩාවෙන් බෝර 12 ගිනි අවියක් සොරාගෙන එම අවිය දඩයක්කාරයෙකුට ලබාදුන් සිවිල් ආරක්ෂක බලකායේ සෙබළු දෙදෙනක්ව වනජීවි ආරක්ෂක නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිවිල් ආරක්ෂකයින් දෙදෙනා තන්තිරිමලය තම්බිවැව සිවිල් ආරක්ෂක කදවුරේ සිට විල්පත්තුව කටුපත්වැව වනජීවී බීට්ටු කාර්යාලයට අනුයුක්තව රාජකාරි සඳහා යොදවා සිටියදී මෙම සොරකම කර ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.

ඔවුන් දෙදෙනා විසින් වනජීවී බීට්ටු කාර්යාලයේ අවි ගබඩාවෙන් සොරාගත් බෝර 12 ගිනි අවිය ලබාදී ඇත්තේ නොච්චියාගම කටුපත්වැව පදිංචි සුරේෂ් නැමැති දඩයම්කරුවෙකුටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here