තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවේ කෘෂි නිෂ්පාදන වෙළෙඳපොලක් රුසියාවට

    ලංකාවේ කෘෂි නිෂ්පාදන වෙළෙඳපොලක් රුසියාවට

    ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොලක් රුසියාව තුළ ඇති කිරීමට රුසියාව සහයෝගය පළ කිරිමට එකඟ වී තිබේ.

    ඒ රුසියාවේ ශ්‍රී ලංකාවේ තානාපති Levan. S. Dzhagarayan මහතා සහ රුසියානු වෙළෙද කොමසාරිස් Alexandar. L. Rybas යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ (14) පැවති සාකච්ඡාවක දීය.

    මෙහි දී වැඩිදුරටත් රුසියාව භාවිතා කරන නව තාක්ෂණය හා තාක්ෂණික උපක්‍රම හඳුන්වා දීම සම්බන්ධවත් සාකච්ඡා කළේය.
    ඉදිරියේ දී ශ්‍රී ලංකාවට යුරියා ඇතුළු රසායනික පොහොර ලබා ගැනීම සම්බන්ධව ද සාකච්ඡා කෙරිණි.

    මෙම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා රුසියානු තානාපති කාර්යාලය එක්ව සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමටත් මෙහිදී තීරණය කරනු ලැබීය.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය සංවර්ධනය සදහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය පළ කරන ලෙස රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. හම්බවෙන ණය සහ ආදාර හංගන්න නෙතුව සොරකම් කරන් නෙතුව ජනතාට අවංකව දුන්නානම් විශේෂයෙන් වී ගොවි, බඩ ඉරිඟු ගොවි සහ අනෙකුත් ගොවින් ගොඩ! ප්‍රතිඵල හාල්, ත්‍රිපෝෂ සමපෝෂ සත්තුන්ට ආහාර ඕනතරම් දේශිය නිෂ්පාදන දියුණුවෙයි.

    Leave a Reply to Perumal GnanapragasomCancel reply

    spot_img
    spot_img