Home උණුසුම් පුවත් පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහරදුන් සරසවි මැරයන් 06ක් අත්අඩංගුවට

පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහරදුන් සරසවි මැරයන් 06ක් අත්අඩංගුවට

0
පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහරදුන් සරසවි මැරයන් 06ක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක් මෙන්ම පීඨාධිපතිවරයෙක් ලෙස දැනට එම විශ්ව විද්‍යාලයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පදිංචිව සිටින නිල නිවසට පහරදීම සම්බන්ධයෙන් සරසවි සිසුන් 06 දෙනෙකු පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුන් 06 දෙනා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඊයේ රාත්‍රී කාලයේ පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුන ඇත.

එසේ අත්අඩංගුවටගත් සිසුන් නිට්ටඹුව, සඳගල, ගිරිතලේ, මාතලේ, හේනේගමුව හා ගලගම්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

පොලීසිය පවසන්නේ මෙම පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් 06 දෙනෙක් හදුනාගෙන ඇති බවය. ඒ අයව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්යෙන බව පොලීසිය කියයි.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 10 වෙනිදා රාත්‍රී කාලයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here