Home උණුසුම් පුවත් ධීවරයන් තිදෙනා බේරාදෙන්න – ඥාතීන් නාවික හමුදාවෙන් ඉල්ලයි

ධීවරයන් තිදෙනා බේරාදෙන්න – ඥාතීන් නාවික හමුදාවෙන් ඉල්ලයි

0
ධීවරයන් තිදෙනා බේරාදෙන්න – ඥාතීන් නාවික හමුදාවෙන් ඉල්ලයි

ගාල්ල ධීවර වරායෙන් මසුන් මැරීමට ගිය චමී බහුදින ධීවර යාත්‍රාව සැතපුම් 200 පමණ ඈත මුහුදේදී ධීවරයන් සය දෙනෙකු සමඟ අනතුරට පත්වී ඇත.

යාත්‍රාව මුහුදුබත් වීමේ දී එහි සිටි ධීවරයන් සය දෙනාගෙන් තිදෙනෙකු දින දෙකකට ආසන්න කාලයක් මුහුදේ පාවෙමින් සිටියදී තවත් ධීවර යාත්‍රාවක් මගින් බේරා ගෙන ඇත.

එසේ වුවද මෙම ධීවරයන් තිදෙනාගේ ද සෞඛය තත්ත්වය එතරම් යහපත් නොවන බව දැනගන්නට ලැබී තිබේ. ඔවුන්ට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ගොඩබිමට ඉක්මනින් ගෙන ඒමට අවශ්‍ය පියවරක් ගන්නැයි ඔවුන්ගේ ඥාතීන් නාවික හමුදාවෙන් ඉල්ලා සිටියි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මනින් ඔවුන් යොමු කරන්න අවශ්‍යයයි. බේරාගත් යාත්‍රාවෙන් ඔවුන් රැගෙන ඒමටත් තවත් දින දෙකකට ආසන්න කාලයක් ගතවේවි. ඊට පෙර ක්‍රියාත්මක වීමට හැකි නම් මොවුන් තිදෙනාගේ ජීවිත බේරාගත හැකි යැයි ද ඒ සඳහා නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය වනු ඇතැයි නිවුස්වේව් වෙත අදහස් දැක්වූ ඔවුන්ගේ ඥාතියෙක් පැවසීය.

ගාල්ල මාගාල්ල පදිංචි පුද්ගලයකුට අයත් චමි මල්ලි බහුදින යාත්‍රාව ධිවරයන් හය දෙනකු සමඟ මෙසේ මුහුදු ගොස් ඇත්තේ ඉකුත් 22වන දාය. අනතුරට පත් ධීවරයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව දිනක් තුළ ගාල්ල වරායට සේන්දුවනු ඇතැයි ගාල්ල වරාය පොලිසියි බලාපොරොත්තු දල්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here