fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොරෝනා මුවාවෙන් ජනතාව ගැන ඔත්තු බැලූ ඇප් එක අහෝසියි

    කොරෝනා මුවාවෙන් ජනතාව ගැන ඔත්තු බැලූ ඇප් එක අහෝසියි

    චීන රජය විසින් කොරෝනා වසංගතය පාලනය කිරීමට එරට ජනතාවගේ සියලුම ගමන් බිමින් නීරීක්ෂණයට යොදා ගත් ජංගම දුරකථන යෙදවුම අක්‍රීය කරන බවට නිවේදනය කර තිබේ.

    ඒ් අනුව පසුගිය වසර තුනක කාලයක් පුරාවට එරට ජනතාවගේ සියලුම ගමන් බිමන් නීරීක්ෂණයට අදාල ජංගම යෙදවුම යොදා ගෙන තිබිණි. චීනයේ මෙම නවතම පියවර මෙතක් ඔවුන් අනුගමනය කළ ශූන්‍ය කොවිඩ් ව්‍යාප්ත ප්‍රතිපත්තිය අත්හැර දැමීමක් ලෙසද විශේසඥයින් පෙන්වා දෙයි.

    අදාල ජංගම දුරකථන යෙදවුම මගින් පුද්ගලයෙකු කොරෝනා අවධානම් කළාපයකට ඇතුලු වූවාද යන්න සොයා ගැනීමට හැකිවන අතර ඒමගින් අදාල පුද්ගලයාටද ඒ් සම්බන්ධයන් දැණුම් දීමක් කරයි.

    චීන රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් එරට ජනතාව සිය සතුට චීන සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවටද වාර්තවේ. ඒහිදී ජනතාව රජයේ මෙම තීරණය යහපත් පෙර නිමිත්තක් ලෙසට හදුන්වා දීමට පියවරගෙන තිබුණ බවට වාර්තාවේ.

    පසුගිය දා චීනය පුරා ඇති වූ එරට කොරෝනා මර්ධන ප්‍රතිපත්ති වලට එරෙහිව නැගුණු විරෝධතා මෙම ප්‍රතිපත්තිමය තීරණ වෙනසට එක්තරා හේතුවක් වන්නට ඇති බවද බටහිර විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    ඒ් අනුව මේවන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් හට සිය නිවසේ සිටම නිරෝධායනය වීමට අවසර හිමිව ඇති අතර මිට පෙර ආසාදිත පුද්ගලයින් වෙනත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සිදුවිය.

    කෙසේ වෙතත් චීනය රජය විසින් අදාල ජංගම දුරකථන යෙදවුම අක්‍රීය කළද ජනතාවගේ සියලුම ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට තවත් ක්‍රමවේද භාවිතා කරන බවද තාක්ෂණික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.